Saturday, June 20, 2009

මම මේ බ්ලොග් එකට සමු දෙමි

මේ බ්ලොග් එක මන් තව දවස් 2කින් අයින් කරන්න ඉන්නේ,
මේ බ්ලොග් එක බලපු හැම කෙනෙක්ටම තුති :)

වෙලාවක් ලබුන වහාම අලුත් සිංහල බ්ලොග් එකක් කරන්න ඉන්නෙ වෙබ් නිර්මානය, php, CSS, HTML දැනුම බෙදා ගන්න.

ඔයගොල්ලො සියලු දෙනාට ජය වේවා!!!

Thursday, June 18, 2009

කුප්පියට පොඩි හෙල්ප් එකක් ඔනේ

මම මේ බලුවේ කුප්පියෙ විඩියො පටන් ගන්න ඉස්සෙල්ලා පොඩි ඉන්ට්‍රො එකක් දන්න කියලා, පුලුවන් විදියට එකක් කලා බලල පොඩි කමෙන්ට් එකක් දෙන්න හොදද නරකද කියලා music.



මට ඉතින් සංගිතයට කිසි හැකියාවක් නැහැ, clip එක ගත්තෙ මෙතනින්

මුල් ඉන්ට්‍රො එක හරි නැත්නම්, කාට හරි හොද එකක් හදල දෙන්න පුලුවන්නම් ගොඩක් පින් :)

Sunday, June 14, 2009

SEO මන් දන්නෙත් නැහැ, හැබැයි...

SEO ගැන මහ ලොකු දෙයක් මන් දන්නෙත් නැහැ හැබැයි මේ කියන්න යන ටිකනම් වැදගත් කියලා හිතෙනවා.

ඉතාම වැදගත් page title tag එක, අකුරු 70කට අඩුවෙන් page එකෙන් වෙන්නේ මොකද්ද කියන්න ඔනෙ, අනිවා හැම page එකකටම මතක් කරලා දාන්න ඔනේ. එකම දේ නොදා ඉන්නත ඔනේ.

මතක් කරල Google Webmaster Central එකට site එක submit කරන්න.
https://www.google.com/webmasters/
ඊට පස්සේ sitemap එකත් මතක් කරල දාන්න.
මතනින් නිකන් sitemap හදල දෙනව normal site වලට.
http://www.xml-sitemaps.com/

දැන් bing.com එකත් නැගල එන හින්දා එකේ webmasters එකටත්site එක submit කරන්න
http://www.bing.com/webmaster/

Friday, June 12, 2009

Adobe Flash Catalyst - අඩෝ ඩිවලපර්, මන් කිවුවේ මේ විදියට


Adobe Flash Catalyst සමහරු මේක දන්නව ඇති, තාම public beta ඔන කෙනෙකුට download කරල ට්‍රයි කරලා බලන්න පුලුවන්.

Adobe කියන විදියට Designer කෙනෙක්ට ඉතාම පහසුවෙන් තමන්ගෙ design එක කොයි විදියටද එන්නේ කියල Flash/Flex developer කෙනෙක්ට කියන්න පුලුවන්ලු.

මොකා??? ඔව් මමත් දන්න හැම flash ඩයල් එකක්ම design එකයි code එකයි දෙකම කරන උන් ඒක හින්දා අපි වගෙ අයට වැඩක් නැති වෙයි. හැබැයි rapid prototype develop කරන්න පුලුවන්.

මේක ගැන තව දැන ගන්න ඔනෙ නම් lynda.com එකේ මෙ free video ටික බලන්න. email එක විතරයි දෙන්න ඔනේ. http://www.lynda.com/home/DisplayCourse.aspx?lpk2=778


http://labs.adobe.com/technologies/flashcatalyst/

Wednesday, June 10, 2009

තලන මැගසීන් - දිනෙන් දින දැනුම වැඩි කරගන්න

smashingmagazine.com
වෙබ් ඩිසයිනර් කෙනෙක් නොවරදවාම බැලිය යුතු site එකක්. මාර දෙවල් ටිකක් ඉගෙන ගන්න පුලුවන්.
සමහරු නම් ඉතින් දන්නවත් ඇති මොකද මේක පට්ට ප්‍රසිද්ධ සයිට් එකක්. මතක් කරල feed එකට subscribe වෙන්න.

webdesignerdepot.com

තවත් මැක්සා site එකක්.

මේ නොමිලේ බෙදා ගන්න දෙනුමේ වට්නාකම මිල කරන්න බැහැ

Tuesday, June 2, 2009

රියසෙවන - වාහනය නොමිලේ පල කරනු ලැබේ

මගේ අලුත්ම site එක තමයි රියසෙවන, වාහනයක් තියෙනව නම් AD එකක් දන්න ඔනේ, රියසෙවනෙ නිකන් දාන්න පුලුවන් :)

Site එකට ගිහිල්ලා බලලා පොඩි feedback එකක් දෙන්න

හැමට ජය

http://riyasewana.com

Saturday, May 30, 2009

Freelance වැඩ කරන්න paypal ඔනේ නැහැ

මට මේ පොස්ට් එක ලියන්න හිතුනෙ බ්ලොග් එකේ දැකපු කමෙන්ට් එකක් දැකලා.
Paypal වෙනුවට ලංකාවට සල්ලි ගෙන්න ගන්න මම පාවිච්චි කරන්නේ Moneybooker
Getafreelancer, oDesk වගේ freelance වෙබ් අඩව් වලින් ඔබෙ මුදල් moneybooker වලට withdraw කරගන්න පුලුවන් $1 වැනි පොඩි fee එකකට.
Moneybooker වලින් ඔනෙම බැංකුවකට wire ට්‍රන්ස්ෆර් එකක් කරන්න පුලුවන් $2.54 fee එකකට
කරුමෙට ලංකාවෙ බැංකුවෙනුත් රුපියල් 400 විතර fee එකක් ගන්නවා සල්ලි ආවම.

Guru.com වගෙ moneybooker නැති එකකට නම් ඉතින් හොදම Payoneer Prepaid MasterCard එක.

https://www.moneybookers.com/app/?rid=4077888

http://www.getafreelancer.com/affiliates/LionsIT/

Friday, May 29, 2009

පහසුවෙන් ඉන්ටර්නෙට් මුදල් සෙවිම - බොරුද? ඇත්තද?

මම ටික දවසකට ඉස්සෙල්ලා පරිගණක පොතක් ගත්තා. ඒකෙ තිබ්බා ඇඩ් ගොඩක්, පහසුවෙන් ඉන්ටෙර්නෙට් මුදල් හොයන්න ක්‍රම ගැන වැඩමුළු. සැලකිය යුතු මුදල් ප්‍රමානයකුත් මෙගොල්ලො මෙකට අය කරනවා.

1) අනිවා ඉතින් මෙකනම් පෙන්නේ හෙන වංචාවක් වගෙ.
2) මොනවා උනත් කවුරු හරි ඉන්නවද මේ වගේ පන්තියකින් මොනවා හරි ඉගෙන ගත්ත?
3) ඇයි පරිගනක පොත කරන අය මෙකෙන් මිනිස්සු මුලා වෙනවා කියලා හිතන් නැත්තේ

--
මේක ගැන මට හමුවු තව ලිපියක්
http://blog.manushan.info/?p=194

Wednesday, May 13, 2009

කොනාමි ආතල් එක

සමහරු නම් මෙක ගැන දන්නවා ඇති, දන්නැති අය අහගන්න...

යන්න මූණු පොතට, ගිහිල්ලා
up,up,down,down,left,right,left,right,b,a
එක දිගට ගහලා එන්ටෙර් ඔබන්න. දැන් ඔන තැනක click කරලා බලන්න.

http://www.facebook.com/home.php




ඔය වගෙ තව ප්‍රසිද්ධ සයිට් වල ඔක තියෙනවා. තව කොනමි code එක තියෙන්න site බල්න්න ආසනම් මේ site එකට යන්න.
http://konamicodesites.com

මම කුප්පියටත් කොනාමි code එකක් දැම්මා, වෙලාවක් තිබ්බොත් ගිහින් බලන්න.
http://kuppiya.com

කොනාමි code කියන්නෙ මොකද්ද කියල දැන ගන්න
http://en.wikipedia.org/wiki/Konami_Code

Thursday, April 30, 2009

බලය = හරකා

ප්‍රසිද්ධ ඇමති කෙනෙක් අද කියනවා ආණ්ඩුවට චන්දය දුන්න නැති උන් ඔක්කොම හරක්ලු, යකො මේක මාර කතාවක්නේ මේ රටේ ප්‍රජාත්‍රන්තවාදය නෙමේද තියෙන්නේ, රට මෙහෙම ගියොත් අණ්ඩුවට විරුද්ධ හැම එකාවම මරයි දෙශද්‍රොහි කියලා.

හනේ හපොයි රටට ගිය කලක්, රට බල්ලට ගිහිල්ලද?, බල්ලො රටට අවිල්ලද?

Wednesday, April 8, 2009

ඔක්කොම එක ගොඩේ

මේ බ්ලොග් එක ලියන්න පරක්කු වෙන්නේ සිංහල ටයිප් කරන්න වෙලා යන හින්දයි.

ඉතින් මේ දවස් හොදින් ගෙවිල යනවා. අවුරුදුත් ලග එනවා, ඉස්සර වගෙ එකෙත් කිසි ආතල් එකක් නැහැ, තවත් දවසක් විතරයි.

කුප්පියෙත් ඩවුන්ලොඩ් 10,000 ඊයේ සම්පුර්ණ කලා. (2007-2009)

මගෙ ෆිල්ම් බ්ලොග් එකත් නැගලා යනවා.
http://movie-catcher.blogspot.com
ට්විටරේ පිහිටෙන් පොඩි රසික පිරිසක් සෙට් කර ගත්තා. වෙබ් පිටු ප්‍රොමොට් කරන්න මරු.

ඔන්න ඔහොමයි ඉතින් උනේ මේ දවස් වල. මේ දවස් වල මන් ආස සින්දු වල විඩියො දෙකක් දාන්නම්, සමහරට විට ඔයගොල්ලොත් ආස වෙයි :-)




Tuesday, March 31, 2009

ට්ව්ටරේ

අද ට්විටර් ගැන ටෝක් එකක් දන්න බැලුවේ.
මට මේක ගැන වැඩි ආසවක් නැහැ එත් මේ දවස් වල හෙනට කතා කරන ටොපික් එකක්.
කි දෙනෙක් මෙක පාවිච්චි කරනවද? මමත් කුප්පියට එකක් හදලා තියෙන්නේ.

http://twitter.com/kuppiyadotcom

මොනව උනත් site promote කරන්න හොද tool එකක්.

Sunday, March 22, 2009

පොඩි කොපියක්

ඔන්න මාත් ෆිල්ම් ගැන ලියන්න පටන් ගත්තා, මට මේ අදහස ආවේ http://baiskoop.blogspot.com බ්ලොග් එකෙන්.
එයා තරන් හොදට මට ලියන්න බැහැ, අඩුම තරමේ මගෙ කඩ්ඩවත් හැදෙයිනෙ හිහ් හිහ් හිහ්.

http://movie-catcher.blogspot.com

Friday, March 20, 2009

තම මතය

මිනිස්සුන්ගේ ආකල්ප වයසත් එක්ක වෙනස් වෙනවා. ජිවිත කාලය පුරාවට තිබුන ආකල්ප තමන්ගෙ දරුවන් නිසා වෙනස් කරන මිනිස්සුත් මන් දැකල තියෙනවා.
මේ සමාජය අසාධාරනයෙන් පිරිලා, පොතට හිර කරන මේ අධ්‍යපන ක්‍රමයෙන් එක වැඩි වෙනවා, මොකුත් ක්‍රිඩාවක්වත් නොකර විභාග රේස් එක යන මිනිස්සු සමජයට ආවම කුහක කමින් පිරිච්ච පිස්සො වෙනවා.
ඉතින් වැරැද්ද කොහෙද කියලා හොයන්න ගියොත් අන්තිමේදි එකත් කැරකිලා එන්නේ තමන්ටයි.
මට කියන්න තියෙන්නේ අපි ඔක්කොම එකම ගූ ගොඩෙ ඉන්නේ, තමන් අන් අයට වඩා උසස්, උගත් කියලා හිතන එක මහා මොඩ වැඩක්.

"Keep you doped with religion and sex and TV
And you think you're so clever and classless and free
But you're still fucking peasants as far as I can see
A working class hero is something to be"

John Lennon

Saturday, March 14, 2009

මම යන මග

පුරුදු විදියට එළිය බලුව මට, මගේ වට පිටාව වෙනස් වෙලා තියෙන විදිය හිතා ගන්නවත් බැහැ. වටේම ගෙවල් තට්ටු ගනන් උස ගිහිල්ලා, වටෙම සද්දය. සිංහල මිනිස්සුත් මෙ පැත්තේ එන්න එන්න අඩු වෙනවා, හිටිය මිනිස්සු ඔක්කොම ගෙවල් විකුණල ගිහිල්ලා. එක හින්දා වැරද්ද සිංහල මිනිස්සුන්ගේ.

මට මේ ජිවිතේ වැඩි බලාපොරොතු නැහැ, මගෙ දෙමාපියන් හොදින් බලා ගන්න සල්ලි හොයන එක තමා මුලික අරමුණ. පුලුවන් විදියට රටට මොනව හරි කරලා, මන් දන්න දෙයක් අනිත් අයත් එක්ක බෙදා ගන්නවා.

කසාදයක් ගැන නම් තාම හිතුවේ නැහැ, තාම පොඩි එකානේ, හිහ් හිහ් හිහ්.... නොබැද ඉන්න තමා හිතන් ඉන්නේ, එත් ඉතින් කවුද දන්නේ ඕව.

Saturday, March 7, 2009

අසරණ අපි

කෙලවරක් නැති මේ උවමනාවන්... කොච්චර තිබ්බත් මදි... එකට මුට්ටු වෙවි මෙ ගෙවිල යන ජිවිතයේ හරි අරමුනක් මට තාම හිතා ගන්න බැහැ. ජිවත් වෙන්නේ හම්බ කරන්නද? හම්බ කරන්නේ ජිවත් වෙන්නද?
කියන්න තරන් මට ජිවිතෙ ප්‍රශ්නයක් නැතත් මේ දැනෙන අඩුව මහ දුකක්
මිනිස්සු කියන්නේ පුදුම ජතියක්, බුදු අම්මො තියෙන තරහ, ඊරිසියාව, කුහකකම, මටත් මෙ ලෙඩ ටික ඔක්කොම තියෙනවා, අන්තිමෙදි මොනවටද මෙ ඔක්කොම කරල තියෙන්නේ? මනුස්සකම කියන එක ගැන මට විශ්වාසය නැති වෙල තියෙන්නේ.
මොකුත් හිතා ගන්න බැරුව පාවෙවි ඉන්නේ...

Saturday, February 28, 2009

නිමක් නැති ලෝකය

ඔන්න අයෙත් Game පිස්සුව මට හැදිලා. ඉස්සර කොච්චර game ගහනවද. දැන් අවුරුදු 2 කින් විතර Game ගැහුවේ නැහැ. මම ඉතින් මේ පිස්සුව ගැන අමුතුවෙන් කියනන් ඔනේ නැහැනේ. කුඩු ගැහුවා වගේ තමා.

Far Cry 2 ගහපු කවුරු හරි ඉන්නවද? ඒකට ඔන අඩුම VGA කියද?
තව සිරා Game 2ක් මෙ අවුරුද්දේ එන්න තියෙනවා Diablo 3 සහ Star Craft 2

PS 3 එකක් ගන්නත් අසයි, හැබැයි ඉතින් එකට සල්ලි එකතු කරනකොට PS 4 ඇවිල්ලා තියෙයි. හිහ් හිහ් හිහ්....

Saturday, February 14, 2009

ඔරලෝසුව

එකම දේ කරලා මට දැන් එපා වෙල තියෙන්නේ.
කිසි වෙනසක් නැති මේ ජිවිතේ තිත්ත වෙලා තියෙන්නේ.
මොන අතල් එක ගත්තත් මොකක් හරි අඩුවක් දැනෙනව හැම තිස්සෙම.
මොනව කරන්නද මන්ද.
මොකක් හරි අලුත් දෙයක් හොයා ගන්න ඔනේ කල්පනා කර කර ඉන්න.

Wednesday, January 28, 2009

නමක් නැහැ

ජනවාරිත් ඉවරයි. මාර වේගයෙන් මේ අවුරුද්දත් ඉවර වෙයි වගෙ.
webplatoon.com එකත් දැන් up කරලා තියෙන්නේ. තව පොඩි වැඩ ටිකයි තියෙන්නේ. part time php lecturing වැඩකුත් මේ දවස් වල කරනවා.

South Park කියලා සිරා cartoon එකක් බලන්න සෙට් උනා. ඒක පටන් අරන් තියෙන්නේ 1997 දැනට season 12 ඉවර කරලා තියෙන්නේ.ඇමරිකාවේ සමාජ රටාව ගැන උපහාසයෙන් කතා කරන cartoon එකක්. මොකක් උනත් හිනා යනවා. හැබැයි ටිකක් කුණු හරුප තියෙනවා.

www.southparkstudios.com

Wednesday, January 14, 2009

හරි අමාරුයි

මේ හෙම්බිරිස්සාවක් හැදිල හරි අමාරුයි. හිහ් හිහ්
සනීප නැහැ කියලා වැඩ කරන්නේ නතුව ඉන්න බැහැනෙ. හැබැයි ඉතින් office එකක වැඩ කලා නම් leave දාන්න තිබ්බා, එත් තනියෙන් වැඩ කරනකොට එහෙම බැහැනේ, freelance වල නරක පොයින්ට් එකක් ඒක.
කුප්පියටත් දැන් වෙනදට වඩා traffic තියෙනවා, SHELL Programming සම්පුර්ණ කුප්පියක් වෙන් කරන්න ඉන්නේ. Linux කැමති අය එකට කැමති වෙයි කියලා හිතනවා.

ඇගත් රිදෙනවා, එහෙනම් මන් ගියා, සැමට ජය වේවා

Friday, January 9, 2009

මේවා කාට කියන්නද?

අද ප්‍රසිද්ධ මාධ්‍ය වේදියෙක් අමු අමුවේ වෙඩි තියලා මරලා දැම්මා, ඊට ඉස්සෙල්ලා මාධ්‍ය ආයතනයකට බොම්බ ගහලා විනශ කලා.
අපිට මේ පහර කෑ මාධ්‍ය ගැන මොන අදහස් තිබ්බත් මේ වෙච්ච සිද්දි ගැන අපි ජාතියක් හැටියට අම්බානක් ලැජ්ජ වෙන්න ඔනේ.

අපි රටට නායකයෝ පත් කරන්නේ මේ වගෙ සිද්ධි ද්කින්න නෙවෙයි. මෙවා වලක්වන්න.
අපේ මිනිස්සුන්ටත් ඉතින් මෙවා සතියක් යන්න ඉස්සෙල්ලා අමතක වෙනවා, පාලකයො තමන්ගේ මඩිය තර කරගෙන හොර වන්චා කරන්වා
අපි ඉතින් මොනවා කරන්නද කියලා බලන් ඉන්නවා, නැත්නම් මැරුන් කනවා.

මටනන් අපෙ රට ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ, අපේ මිනිස්සු අපෙන්ම ලොක්කො වෙලා අපෙන්ම හොරකන් කරන්වා
මටනම් අවංකව මෙ රටට සුදුසු පාලකයෙක් කිසිම පක්ශයක පෙන්නේ නැහැ. ඔක්කොම හොරු, සමහර ඇමතිලා අම්බානක් පිස්සු කෙලිද්දි රටේ නායකයා දැක්කේ නැහැ වගෙ ඉන්නවා. ඇයි එහෙම උනේ? කාගෙද වැරැද්ද? අපි පත් කරපු එකද වැරැද්ද? අපි මහා මොඩයෝ සෙට් එකක්ද?

Saturday, January 3, 2009

මේක මාර කේස් එකක්නේ

මන් මේ දැන් Derana Dream Star එකෙන් කැල්ලක් බලලා අවේ. එ වෙලවෙ සින්දු කිව්වේ උදෙශ් කියන කොල්ලා, ඇත්තටම හොදට සින්දු කියන්න පුලුවන් කොල්ලෙක් එල කිරි වගේ සින්දුව කිව්වා.
මට එත් මේ තියෙන ප්‍රශ්නේ තමයි මේ SMS වලින් යන කෝටි ගානක් සල්ලි වලින් කොච්චර පොඩි ගානක්ද මේක දිනන එක්කෙනට යන්නේ.
මන් දන්න විදියට මේකට අය කරන මුදල normal sms එකට අය කරන්න මුදලට වඩා සැහෙන්න වැඩියි. ඒ කියන්නේ කෝටි ගානක් ලාබයි. මේ කෝටි ගානම පිටරට යනවා. යකො මෙක සක්විතිට හපන් සීන් එකක්නෙ.

හැබැයි ඉතින් මෙකේ අනිත් පැත්ත තමයි, මේ ප්‍රොග්‍රම් එකෙන් මාර දක්ෂ කොල්ලො කෙල්ලො ටිකක් එලියට එනවා.

අනේ මන්දා මොකක් හරිද කියලා, ඔයගොල්ලො මොකද හිතන්නෙ?

අඩො කොහෙද යන්නේ මොකක් හරි කියල පලයන්, හිහ් හිහ් හිහ්