Saturday, January 3, 2009

මේක මාර කේස් එකක්නේ

මන් මේ දැන් Derana Dream Star එකෙන් කැල්ලක් බලලා අවේ. එ වෙලවෙ සින්දු කිව්වේ උදෙශ් කියන කොල්ලා, ඇත්තටම හොදට සින්දු කියන්න පුලුවන් කොල්ලෙක් එල කිරි වගේ සින්දුව කිව්වා.
මට එත් මේ තියෙන ප්‍රශ්නේ තමයි මේ SMS වලින් යන කෝටි ගානක් සල්ලි වලින් කොච්චර පොඩි ගානක්ද මේක දිනන එක්කෙනට යන්නේ.
මන් දන්න විදියට මේකට අය කරන මුදල normal sms එකට අය කරන්න මුදලට වඩා සැහෙන්න වැඩියි. ඒ කියන්නේ කෝටි ගානක් ලාබයි. මේ කෝටි ගානම පිටරට යනවා. යකො මෙක සක්විතිට හපන් සීන් එකක්නෙ.

හැබැයි ඉතින් මෙකේ අනිත් පැත්ත තමයි, මේ ප්‍රොග්‍රම් එකෙන් මාර දක්ෂ කොල්ලො කෙල්ලො ටිකක් එලියට එනවා.

අනේ මන්දා මොකක් හරිද කියලා, ඔයගොල්ලො මොකද හිතන්නෙ?

අඩො කොහෙද යන්නේ මොකක් හරි කියල පලයන්, හිහ් හිහ් හිහ්

7 comments:

  1. මේ ප්‍රොග්‍රම්වලින් එළියට එන "මාර දක්ෂ" කොල්ලෝ ටික ඇවිත් ටික දවසකින් ආපු වේගෙන්ම බැහැලා යනවා. ඔයගොල්ලන්ට මතක ද දැන් අවුරුදු 2කට විතර කලින් ශිහාන් කියලා එකෙක් ඔහොම ආවා. දැන් ඒකා කොහේ ද දන්නේ නෑ නේ ද?

    ReplyDelete
  2. @ Nandara - මට නම් හිතෙන්නෙ ශිහාන් විතරයි ඔය වගේ වැඩසටහනකින් ඇවිත් ස්ථාවරත්වයක් ගොඩ නගා ගෙන ඉන්නෙ කියලයි.ඒ තරගයෙන් මුල් තැනට ආපු එක්කෙනා නම් දැන් හොයා ගන්නත් නැහැ.

    ReplyDelete
  3. මේක බලන්කෝ.... කාලෙකට ඉහත මට යාළුවෙක් පෙන්නුවේ.

    http://www.youtube.com/watch?v=gkPiYQZECYs&NR=1

    ReplyDelete
  4. @ Nandara & Charith Weerakkody - පළවෙනි එක්කෙනාගේ කතාව වැරදියි. දෙවෙනි එක්කෙනාගේ කතාව හරි. ශිහාන් විතරයි මොකක් හරි කරලා Music Industry එ‍කේ ඉන්න SSS කෙනා.

    ReplyDelete
  5. ඒත් මුල් දවස්වල ශිහාන් ගැන තිබුණු පිස්සුවේ හැටියට දැන් වෙනකොට ශිහාන් ලොක ප්‍රසිද්ධ ගායකයෙක් වෙලා තියෙන්න ඕනේ. ඇත්තට ම මම අහන බලන මාධ්‍යවල ඇසුරුකරන මිතුරන් අතරේ වුණත් ශිහාන් ගැන දැන් කතා වෙන්නෙ ම නැති තරං. වෙන එකක් තියා සිරසටත් ශිහාන්ව මතක් වෙන්නේ ඒයා අලුතෙන් ඇල්බම් එකක් කළොත් විතරයි.

    ReplyDelete
  6. අනේ මන්දා ‍කට්ටිය එළියට එනවා විතරයි.. එන මුල්ම දවස් වල එපා වෙනකම් ඇඩ් වලයි.. පොස්ටර් වලයි හැම එහෙකම ඉන්නවා.. ඊට පස්සේ උන්නද මළාද නැහැ නේ..මම නම් වැඩ ස‍ටහන් බලලා තියනවා ඒත් එස් එම් එස් නම් කරලා නෑ මොකෝ උන් මොකා දිණුවා වුනත් අපිට අඩු ගානේ සතපනහේ ටොෆි එකක් වත් අරන් දෙන එකක් යෑ..

    මම නම් හිතන්නේ ශිහාන්ව සිරස හොදටම "පාවිච්චි" කලා.. ශිහානුත් දැන හෝ නොදන පාවිච්චි උනා.. ඒකයි ඉක්මනින් ගෙවිලා ගියේ.. නමුත් දකෂ‍යෙක් ගමන හෙමින් ගියා නම් සැහෙන්න ඉහලට යන්න තිබුනා..

    ReplyDelete
  7. ඒකනං සහතික ඇත්ත

    ReplyDelete