Friday, January 9, 2009

මේවා කාට කියන්නද?

අද ප්‍රසිද්ධ මාධ්‍ය වේදියෙක් අමු අමුවේ වෙඩි තියලා මරලා දැම්මා, ඊට ඉස්සෙල්ලා මාධ්‍ය ආයතනයකට බොම්බ ගහලා විනශ කලා.
අපිට මේ පහර කෑ මාධ්‍ය ගැන මොන අදහස් තිබ්බත් මේ වෙච්ච සිද්දි ගැන අපි ජාතියක් හැටියට අම්බානක් ලැජ්ජ වෙන්න ඔනේ.

අපි රටට නායකයෝ පත් කරන්නේ මේ වගෙ සිද්ධි ද්කින්න නෙවෙයි. මෙවා වලක්වන්න.
අපේ මිනිස්සුන්ටත් ඉතින් මෙවා සතියක් යන්න ඉස්සෙල්ලා අමතක වෙනවා, පාලකයො තමන්ගේ මඩිය තර කරගෙන හොර වන්චා කරන්වා
අපි ඉතින් මොනවා කරන්නද කියලා බලන් ඉන්නවා, නැත්නම් මැරුන් කනවා.

මටනන් අපෙ රට ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ, අපේ මිනිස්සු අපෙන්ම ලොක්කො වෙලා අපෙන්ම හොරකන් කරන්වා
මටනම් අවංකව මෙ රටට සුදුසු පාලකයෙක් කිසිම පක්ශයක පෙන්නේ නැහැ. ඔක්කොම හොරු, සමහර ඇමතිලා අම්බානක් පිස්සු කෙලිද්දි රටේ නායකයා දැක්කේ නැහැ වගෙ ඉන්නවා. ඇයි එහෙම උනේ? කාගෙද වැරැද්ද? අපි පත් කරපු එකද වැරැද්ද? අපි මහා මොඩයෝ සෙට් එකක්ද?

5 comments:

  1. මම එකගයි මිත්‍රයා.
    ඔබ වැනි අදහස් දරන්නන් කිහිප දෙනෙක් මේ බ්ලොග් අතර සිටීම ගැන ආඩම්බරයි.

    ReplyDelete
  2. අපේ වැරැද්ද මොකෝ අපිනේ පත් කරන්නේ

    ReplyDelete
  3. ඔයාලම පත් කරලා ඔයාලම ගතු කියනවා
    හොද වෙලාවට මට ජන්ද බලය නෑ.. තිබුනනම් දෙන්නෙත් නෑ...!

    ReplyDelete
  4. හිහ් හිහ්, ඒක ඇත්ත, ඒත නංගි අපිට අඩුම තරමේ චන්දය දාන්න දෙන එකත් ලොකු දෙයක්, සමහර රටවල් වල මිනිස්සුන්ට ඒ වරමවත් නැහැ.
    අපි හැමොම චන්දය නොදා හිටියොත් රට අනිවා ඒකාධ්පති පාලනයකට යනවා, මොනවා උනත් රටක් උනම හොද විපක්ශයක් තියෙන්න ඔනේ

    ReplyDelete