Friday, May 29, 2009

පහසුවෙන් ඉන්ටර්නෙට් මුදල් සෙවිම - බොරුද? ඇත්තද?

මම ටික දවසකට ඉස්සෙල්ලා පරිගණක පොතක් ගත්තා. ඒකෙ තිබ්බා ඇඩ් ගොඩක්, පහසුවෙන් ඉන්ටෙර්නෙට් මුදල් හොයන්න ක්‍රම ගැන වැඩමුළු. සැලකිය යුතු මුදල් ප්‍රමානයකුත් මෙගොල්ලො මෙකට අය කරනවා.

1) අනිවා ඉතින් මෙකනම් පෙන්නේ හෙන වංචාවක් වගෙ.
2) මොනවා උනත් කවුරු හරි ඉන්නවද මේ වගේ පන්තියකින් මොනවා හරි ඉගෙන ගත්ත?
3) ඇයි පරිගනක පොත කරන අය මෙකෙන් මිනිස්සු මුලා වෙනවා කියලා හිතන් නැත්තේ

--
මේක ගැන මට හමුවු තව ලිපියක්
http://blog.manushan.info/?p=194

6 comments:

  1. 3) ඇයි පරිගනක පොත කරන අය මෙකෙන් මිනිස්සු මුලා වෙනවා කියලා හිතන් නැත්තේ
    උන් සල්ලි ගැණ පමණක් හිතන නිසා. අනිත් මිනිස්සුන්ට හෙන ගැහිල ගියත් කමක් නැති නිසා !

    ReplyDelete
  2. ඔයා කියන කතාව සහතික ඇත්ත ඔවුන් සල්ලි පසුපස යන නිසා අසභ්‍ය වෙලද දැන්වීමක් උනත් දාන්න සූදානම් අනික වග කිව යුතු ඇත්තො මෙවට මැදිහත් නොවීම
    ස්ක්විතිගේ උනත් වෙලද දැන්වීම මගින් ප්‍රචාරනය කරන කාලේ නීත්‍යානුකූල එකක් ද කියලා හොයලා බලන්න බැරි උන අයට මේ ගුරාලත් මාරු උන වෙලාවක ඔය ගැන අවදානය යොමුකරයි

    ReplyDelete
  3. සල්ලි හොයන්න මම දන්න හොදම ක්‍රමය guru.com වගේ සයිට් වලින් වැඩ අරන් කරන එක. ඒක legal විතරක් නෙමේ හොද ගානක් ගන්න පුළුවන්. එකම ප්‍රශ්නෙ සල්ලි ලංකාවට ගෙන්න ගන්න එක. මේ මල ඉලව් ලංකාවෙ බැංකු වලට පේ පැල් තාම වැඩ කරන්නෙ නෑනෙ.

    ReplyDelete
  4. @මනුශාන්, @ප්‍රවීන් ඉන්ද්‍රනාම
    අන්තිමේදි හැමදෙයක්ම සල්ලි වලට යටයි :(

    @අනූ
    මම කරන්නේ getafreelancer.com එකේ.
    getafreelancer.com එකෙන් Moneybookers වලට දාගන්නව,
    Moneybookers වලින් ලෙසියෙන්ම ඕන bank account එකකට wire transfer කරගන්න පුලුවන් දවස් 2-4 ඇතුලත

    ReplyDelete
  5. මේ වගේ දෙවල් ගැන අපි හොදින් දැනුමත් වෙන්න ඕන. ඒ වගේම අනිත් අයත් දැනුමත් කරන්න ඕනේ. අපිටම මේ වගේ දෙවල් වලට කරන්න පුලුවන් දේ තියනවා.

    ReplyDelete
  6. මේක හුඟක් වැදගත්. අපිට පුලුවන් මේ ගැන දැනුවත් කිරීමෙන් අපේ බ්ලොග් කියවන සාමාන්‍ය පාඨකයෝ (ලොකු පරිගණක දැනුමක් නැති) ගලවා ගන්න.

    ReplyDelete