Monday, December 15, 2008

programming වලට මගෙ අත්දැකීම් වලින් බිදක්...

මේ IT ලොකයේ ඉදිරියට එන්න නම් අනිවර්යෙනම programming ඇගට දාගන්න ඔනේ. පෙර පිනකට මට මුලින්ම කරන්න සෙට් උනේ C++, හරියට කලොත්, programming basic ටික දාගන්න කියාපු language එක.
Java වගෙ නෙවේ C++ hybrid language එකක් හින්දා අපිට Object Oriented ලියන්නත් පුලුවන් Structured ලියන්නත් පුලුවන්. මම දකින විදියට programming basic දාගනන් හොදම ක්‍රමය තමා structured ක්‍රමයට program ලියන්න පුරුදු වෙන එක, මොකද එක තෙරුම් ගන්න පහසුයි object oriented මුලින්ම ඉගෙන ගන්නවට වඩා. ඊට පස්සේ මගේ ජිවිතය සම්පුර්ණයෙන්ම වෙනස් කලෙ php,
අපි 2nd year එකෙදි කරපු project එකෙන් php කන පැලෙන්න සෙට් උනා. ඒකට හේතුව තමයි php තනියෙන් පාඩන් කරන්න සෙට් උන එක. php කොච්චර සෙට් උනාද කියනවා නම්, මට මුලින්ම සෙට් උන .net ජොබ් එකෙන් අයින් උනා php වලට තියෙන අසාවට. ඊට පස්සේ මම php ජොබ් එකක් කරලා experience අරගෙන දැන් freelance කරන්වා, මට freelance කරන්න තරන් php සහ ඊට අදාල අනෙක් technology ගැන දැඩි විශ්වාසයක් තියෙනවා.
මට අලුතෙන් එන අයට කියන්න තියෙනනේ, අනිවා programming දාගන්න ඔනේ IT හොද ගමනක් යන්න, අමාරුවක් නැහැ, එකම සීන් එක basic එක හරියට දාගන්න එක. මොකක් හරි එක language එකක් හරියට කරන්න ඔනේ දිගටම (.net, java, c++, php) පුලුවන්න නම් අමතර exam මොනවා හරිත් කරන්න. php මොකක් හරි උදව්වක් ඔනෙ නම් mail (kusalsmail@yahoo.com) එකක් දාන්න, මම පුලුවන් විදියට උදව් කරන්නම්.

සැමට ජය වේවා!!!

6 comments:

  1. මම මුලින්ම කලේ pascal. ඒක තනිකර structured.

    ReplyDelete
  2. අයියෙ, මුලින්ම කලේ C නේද?C ගැනත් මතක් කලා නම් හොදයි නේද?

    ReplyDelete
  3. මල්ලී, SLIIT එකේ මුලින්ම කලේ C තමා, එත් ඊට ඉස්සෙලා මම C++ කරලා තියෙනවා.
    C/C++ වලට හොද පඩි, MIT, Mubasher වගේ company වල

    ReplyDelete
  4. මම මුලින්ම කළේ BASIC. ඒ සා පෙළට පාඩම් කරන කාලෙ Casio fx-5200-p එකකින්.

    ReplyDelete
  5. php නම් ඉතිං නියම තමයි. හැබැයි ඉතිං විබට (web) විතරයි නොවැ. GTK php කියලා යන්තම් එකක් ආව, නමුත් මට නම් ඒක හරි පාරට වැටුනේ නැහැ.

    ReplyDelete
  6. අපි නම් බේසික් තමා මුලින්ම ;)

    ReplyDelete