Wednesday, December 24, 2008

මමයි මගෙ බ්ලොග් එකයි

මමත් කාලයක් මේ බ්ලොග් මොන මගුලක්ද කියලා කල්පනා කර කර හිටියේ, මිනිස්සු මොකට ඔවා ලියනවද කියලා.
ඔහොම ඉන්න කොට තමයි මටත් එක දවසක් මගේ හිතට එන අදහස් ලියලා ඒව අනිත් අයත් එක්ක බෙදා ගන්න පුලුවන්නන් කොච්චර හොදයි කියලා හිතුනේ.
මට තිබුන අනිත් ප්‍රශ්නෙ තමයි, අද හිතුන හොද අදහස් තව සතියකින් මතක නැහැ :)
එ ප්‍රශ්නෙ බ්ලොග් ලියන එකෙන් නැති උනා, මොකද මම ලියපු පොස්ට් අයේ අයේ බලන හින්දා.

මුලින්ම පටන් ගත්තෙ කඩ්ඩෙන් බ්ලොග් එකක් ලියන්න. ඊට පස්සේ කොළඹ කැම්පස් එකෙන් හදලා තියෙන Real Time Unicode Converter පින් සිද්ධ වෙන්න සිංහල බ්ලොග් එකකුත් පටන් ගත්තා.

දැනට මම බ්ලොග් 5 ලියනවා.

ඔන්න ඕක තමා මගේ බ්ලොග් කතාව.

කැමති නම් ඔයගොල්ලොගෙ කතාවත් කියන්න.

4 comments:

  1. මමත් පටන් ගත්තෙ කඩ්ඩෙන්. ඒත් සිංහල අපට බ්ලොග් ලියන්න සිංහලට වඩා හොඳ භාෂාවක් නැති නිසා සිංහලෙන් ලියන්න පටන් ගත්තා. සිංහලෙන් ලියන්න පටන් ගත්තෙ නැත්තං මේ තරම් ඉක්මනට මගේ බ්ලොග් එක කියවන්න පිරිස එකතු වෙන්නෙත් නෑ (මගේ විකාර අදහස් නිසා :D )
    හැබැයි මම තාම කඩ්ඩෙනුත් ලියනවා සිංහල දන්න හා නොදන්න අයත් එක්ක මම ඉගෙනගන්න සහ උගත් දේ බෙදා හදා ගන්න.

    තාක්ෂණික දේවල් මම තාම ලියන්න කැමති කඩ්ඩෙන්. හැබැයි ආගිය කතා ආතල් සීන් දන්න සිංහලෙන් ලියනවා.

    ----
    අනේ CAPTCHA අයින් කරමු. අපි ස්පෑම් කරන්නෙ නෑ.

    ReplyDelete
  2. ‍ඇබ්නෝමල් බ්ලොග් එක තමයි මගේ මුල්ම හා එකම ‍බ්ලොග් එක..ඒක මුලින්ම පටන් ගත්තේ ඇබ්නෝමල් කෙල්ලකගේ නොර්මල් සිතුවිලි කියලා.. ඒත් පස්සේ මගේ යාළුවාවත් සම්බන්ධ කරගත් නිසා ඒක ඇබ්නෝමල් දෙසිත උනා.. මොකද යාළුවා කොල්ලෙක් නේ.හිකිස්..!
    මුලින්ම බ්ලොග් ගැන දැනගන්න ලැබුනේ වෙන අඩවියක සිංහල දිනයක් සංවිධානය කරමින් ඉන්න කොටයි.. සුදාරක මල්ලි තමයි සිංහල බ්ලොග් ගැන කියලා දුන්නේ.. දැන් නම් ඉතිං හැමදාම වගේ බ්ලොග් කියවනවා...අඩුම ගානේ සතියට එක දවසක් වත් ලියනවා

    ReplyDelete
  3. මගෙ අම්මෝ බ්ලොග් 5ක්. මං එක බ්ලොග් එකක් ලියන්න වෙලාව හොයා ගන්නෙත් ලෝක අමාරුවෙන්

    ReplyDelete
  4. අයියව අදුන ගත්තෙත් බ්ලොග් එක නිසානෙ.මාත් අයියගෙ බ්ලොග් එක බලල කඩ්ඩෙන් බ්ලොග් එකක් පටන් ගත්ත.ඒත් පස්සෙ ඒක නවත්තල සිංහලෙන් එකක් පටන් ගත්ත.

    ReplyDelete