Tuesday, December 16, 2008

නිදහස යනු වචනයක් පමණි, එය මායාවකි

බ්ලොග් ලියන එක සමහර වෙලාවට ගොඩක් අය අතර මගදි නතර කරන්නේ වෙලාව නතිකම හින්දා. ගොඩක් අය බ්ලොග් පටන් ගන්නේ ඉගෙන ගන්න කලේ, ඒ කලේ ඉතින් ඇති තරන් වෙලව තියෙනවානේ ඔන දෙයක් කරන්න.
ඒත් දෙයියනේ කියලා ඉගෙනගෙන එලියට අවම තමා තෙරෙන්නේ මේ ලොකේ තියෙන්න සිරාම කට්ට. ප්‍රශ්න පිට ප්‍රශ්න, වැඩට ගියාම ගෙදර එන්න වෙන්නෙ පට්ට රැ වෙලා, වැඩ කරන තැන වැඩ ගොඩ ගැහිලා..... මම ඩොට් ටිකක් තිබ්බෙ කියන්න ගියොත් ඉවරයක් නැති හින්දා, ඉතින් කොහෙද බ්ලොග් ලියන්නේ, ඔලුව විකාර වෙලා තියෙනකොට.

බ්ලොග් එක පටන් ගත්තා විතර හින්දා දිගටම ලිව්වට, අදින් පස්සේ ලියන්න වෙන්නේ සතියකට පාරක් විතර, මගේ තියෙන අනිත් බ්ලොග් ටිකත් update කරන්නේ අමාරුවෙන්.
ඉදිරියට කරන්න ඉන්න ඒවයෙන් බිදක්...
Web Site 2 තියෙනවා මේ සතියේ කරලා ඉවර කරන්න. නැත්නම් Client මාව මරාගෙන කයි, :-)
Web Development Site එකක් Open කරන්න ඉන්නේ webplatoon.com කියලා, අපේ team එකේ portfolio එක.

4 comments:

  1. මම නම් හිතන්නේ වෙලාව නැතිකම හින්දම නෙමෙයි කම්මලිකම නිසා කියලා. මගේ බ්ලොග් එකත් දැන් බාගෙට නැවතිලා. මට වෙලාවනම් තියෙනවා ඒත් ටයිප් කරන්න කම්මැලි.

    ReplyDelete
  2. තවත් හේතු තියෙනවා. "කලකිරීම"

    ReplyDelete
  3. ඇයි කලකිරෙන්නේ, ගුණදොස් (comments) නැති නිසාද? ගණන් ගන්න එපා, කොල්ලෝ...

    ReplyDelete
  4. බලාගෙන යද්දි මට ඔය කලින් කියලා තියන 3 නම නැහැනේ.. ඒත් මටත් දැන් බ්ලොග් ලියන්න හිතෙන්නේ නැහැනේ.. පටන් ගන්නකොට තිබ්බ කික් එක අඩු වෙලාද කොහෙද.. කොහොමත් හැබැයි මගේ බොහෝ වැඩ එහෙම තමයි

    ReplyDelete