Sunday, December 14, 2008

තමන්, තමන්ව හදුනා ගැනීම

මම පොඩි කාලේ ඉදන්ම ලොකු උනම කව්ද වෙන්නේ කියලා හරියට හිතා ගන්න බැරුව හිටියේ. සමහර අය පොඩි කලේ ඉදන්ම අරමුණකට වැඩ කරනවා, එත් මේ ලොකේ අපිට ඔනේ දෙවල් කරගන්න පුලුවන් කමක් නැහැ. මම එන විදියට බැට් කරන කෙනෙක්, ඒ ක්‍රමය මට නම් හොදට වැඩ කරනවා. තමන් ලොකු උනාම මොකාද වෙන්නේ කියලා හිතා ගන්න බැරි උනාට එක දෙයක් හරියට දැන ගන්න ඔනේ, තමා දක්ෂ මොනවටද, නැත්තේ මොනවටද කියලා ටිකක් කලප්නා කරලා බලන්න ඔනේ. එක හරියට ඇගට සෙට් උනොත් ගොඩේ ගොඩ. අලුත් දෙවල් කරන්න බය වෙන්න එපා, මොනව උනුත් අන්තිමෙදි නැති වෙන්න මොනවද තියෙන්නෙ, රේස් එක තියෙන්නෙ තමන් එක්ක විතරයි, ඒක හින්ද අනුන්ගෙ කුණු ගොඩවල් හොයන් නතුව ඉන්නත් පුරුදු වෙන්න ඔනේ, වෙන කෙනෙක් විවෙචනය කරන්න ඉස්සෙල්ලා තමන් ඒකට සුදුසුද කියල බලන්න ඔනේ. අපේ රට කන්නේ දේශපාලුවො නෙවේ අපිමයි. අපි අපි දිහාම හරිල බලුවොත් අපි අතරේ ප්‍රශ්න කොච්චර තියෙනවද විසද ගන්න බැරි, මේ රටේ තියෙන අනිත් හෙනේ තමා දැනුම බෙදා ගන්න අකමැති කම. ඉතින් කොහෙද රට දියුණු වෙන්නේ, ඔක්කොමලා පුරුදු වෙලා තියෙන්නෙ තනියෙන් කන්න. වෙන රටවල් දිහා බලලා අපි අපි ගැනම ලැජ්ජ වෙන්න ඔනේ. අදම වෙනසක් කරන්න, දනුම බෙදා ගන්න.

4 comments:

  1. මරු,
    බොහෝ අය සිතන් ඉන්නෙ වෙන කෙනෙක් වෙන්න නමුත් වෙන්නෙ වෙනකෙනෙක් නෙ. අපිට ආකල්ප වෙනස් කරන්න අමාරුයි, ඒකයි වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  2. හැබෑව හැබෑව.

    ReplyDelete
  3. සැබැවින්ම හොද සටහනක් වගේම වටිනා අදහස් ටිකක්. ඔබ වැනි අය තව තවත් මේ රටට බිහි වේවා!. දිගටම ලියන්න සුභ පැතුම්.

    ReplyDelete