Sunday, December 28, 2008

මගේ පරණ ටේප් එක

2009 අත ලග, හැමදාම හිතනවා වගෙ ඉතින් මේ පාරත් 2008 වඩා 2009 හොද වෙයි කියලා හිතනවා. හැබැයි ඉතින් මෙච්චර කාලයක් උනේ එකේ අනිත් පැත්ත. ( මම කතා කරන්නේ ආකල්ප ගැන )
අවුරුදු එකින් එක ගෙවිල යන කොට මට මින්ස්සු ගැන තියෙන විශ්වාසය සියියට දහය දහය අඩු වෙනවා. මිනිස්සුන්ට සල්ලි වලට ඔනේ දෙයක් කරන්න පුලුවන් කියලා මටනම් හොදටම දැකලා, අත් වින්දලා පුරුදුයි.

දැන් මේ කතාවේ අනිත් පැත්ත තමයි, මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි වෙන්න වෙන්න අසාධාරණයට බර වෙනවා. කෙනෙකුට තර්ක කරන්න පුලුවන්, තමන් වලේ වටුනම තමයි අමරුව තියෙන්නෙ කියලා, පිට්න් බලන ඔන කෙනෙක්ට මොනවා කියන්න බැරිද කියලා. ඒ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා, හෙන ගහන ප්‍රශ්න ඔලුවට කඩා ගෙන වැටෙද්දි, වගකීම් වැඩි වෙනකොට, තමන් ගෙන් යැපෙන අය ඉන්නකොට, අනාගතය පට්ට අදුරුයි වගේ පේනකොට කවුද මොනවා හරි කරලා ගොඩ එන්න බලන් නැත්තෙ.

මම හිතන විදියට, මොනවා හරි කරලා ගොඩ ගියාට කමක් නැහැ තවත් මිනිහෙක් අදුරේ දාන්නෙ නතුව, හැබැයි ඉතින් වෙන්නෙ ඒකම තමා. මෙක නිකන් ජල චක්‍රය වගෙ, මුට්ටු වෙලා ගිහිල්ලා අන්තිමෙදි ආයෙත් කැපෙන්නෙ තමන්මයි, හිහ් හිහ්.

සැමට 2009 අවුරුද්ද ජයම වේවා!!!

3 comments:

  1. මිනිස්සුන්ට සල්ලිවලින් ඕනම දෙයක් කරන්න බැරි උනාට මිනිස්සුන්ට සල්ලිවලට ඕනම දෙයක් කරනවා.

    ~ ලබන 2009 නව වසර කිරියෙන් පැණියෙන් උතුරන සිරි සුභ නව වසරක් වේවා ~

    ReplyDelete
  2. විශ්වාස දහය දහය අඩුවෙනවා කිව්වේ?????

    අනේ මන්දා මට නම් 2008 මෙලෝ වැඩකට නැති අවුරුද්දක් බලමු 2009 මොනා වෙයිද කියලා!හ්ම්ම්...

    සුභ අළුත් අවුරුද්දක් වේවා....!!!!

    ReplyDelete
  3. හිහ් හිහ්, දහය දහය කිව්වෙ සියියට දහය දහය
    ඔහොම ගිහිල්ලා 0% වේයි වැඩි කල් යන්න ඉස්සෙල්ල

    ReplyDelete