Saturday, June 20, 2009

මම මේ බ්ලොග් එකට සමු දෙමි

මේ බ්ලොග් එක මන් තව දවස් 2කින් අයින් කරන්න ඉන්නේ,
මේ බ්ලොග් එක බලපු හැම කෙනෙක්ටම තුති :)

වෙලාවක් ලබුන වහාම අලුත් සිංහල බ්ලොග් එකක් කරන්න ඉන්නෙ වෙබ් නිර්මානය, php, CSS, HTML දැනුම බෙදා ගන්න.

ඔයගොල්ලො සියලු දෙනාට ජය වේවා!!!

Thursday, June 18, 2009

කුප්පියට පොඩි හෙල්ප් එකක් ඔනේ

මම මේ බලුවේ කුප්පියෙ විඩියො පටන් ගන්න ඉස්සෙල්ලා පොඩි ඉන්ට්‍රො එකක් දන්න කියලා, පුලුවන් විදියට එකක් කලා බලල පොඩි කමෙන්ට් එකක් දෙන්න හොදද නරකද කියලා music.



මට ඉතින් සංගිතයට කිසි හැකියාවක් නැහැ, clip එක ගත්තෙ මෙතනින්

මුල් ඉන්ට්‍රො එක හරි නැත්නම්, කාට හරි හොද එකක් හදල දෙන්න පුලුවන්නම් ගොඩක් පින් :)

Sunday, June 14, 2009

SEO මන් දන්නෙත් නැහැ, හැබැයි...

SEO ගැන මහ ලොකු දෙයක් මන් දන්නෙත් නැහැ හැබැයි මේ කියන්න යන ටිකනම් වැදගත් කියලා හිතෙනවා.

ඉතාම වැදගත් page title tag එක, අකුරු 70කට අඩුවෙන් page එකෙන් වෙන්නේ මොකද්ද කියන්න ඔනෙ, අනිවා හැම page එකකටම මතක් කරලා දාන්න ඔනේ. එකම දේ නොදා ඉන්නත ඔනේ.

මතක් කරල Google Webmaster Central එකට site එක submit කරන්න.
https://www.google.com/webmasters/
ඊට පස්සේ sitemap එකත් මතක් කරල දාන්න.
මතනින් නිකන් sitemap හදල දෙනව normal site වලට.
http://www.xml-sitemaps.com/

දැන් bing.com එකත් නැගල එන හින්දා එකේ webmasters එකටත්site එක submit කරන්න
http://www.bing.com/webmaster/

Friday, June 12, 2009

Adobe Flash Catalyst - අඩෝ ඩිවලපර්, මන් කිවුවේ මේ විදියට


Adobe Flash Catalyst සමහරු මේක දන්නව ඇති, තාම public beta ඔන කෙනෙකුට download කරල ට්‍රයි කරලා බලන්න පුලුවන්.

Adobe කියන විදියට Designer කෙනෙක්ට ඉතාම පහසුවෙන් තමන්ගෙ design එක කොයි විදියටද එන්නේ කියල Flash/Flex developer කෙනෙක්ට කියන්න පුලුවන්ලු.

මොකා??? ඔව් මමත් දන්න හැම flash ඩයල් එකක්ම design එකයි code එකයි දෙකම කරන උන් ඒක හින්දා අපි වගෙ අයට වැඩක් නැති වෙයි. හැබැයි rapid prototype develop කරන්න පුලුවන්.

මේක ගැන තව දැන ගන්න ඔනෙ නම් lynda.com එකේ මෙ free video ටික බලන්න. email එක විතරයි දෙන්න ඔනේ. http://www.lynda.com/home/DisplayCourse.aspx?lpk2=778


http://labs.adobe.com/technologies/flashcatalyst/

Wednesday, June 10, 2009

තලන මැගසීන් - දිනෙන් දින දැනුම වැඩි කරගන්න

smashingmagazine.com
වෙබ් ඩිසයිනර් කෙනෙක් නොවරදවාම බැලිය යුතු site එකක්. මාර දෙවල් ටිකක් ඉගෙන ගන්න පුලුවන්.
සමහරු නම් ඉතින් දන්නවත් ඇති මොකද මේක පට්ට ප්‍රසිද්ධ සයිට් එකක්. මතක් කරල feed එකට subscribe වෙන්න.

webdesignerdepot.com

තවත් මැක්සා site එකක්.

මේ නොමිලේ බෙදා ගන්න දෙනුමේ වට්නාකම මිල කරන්න බැහැ

Tuesday, June 2, 2009

රියසෙවන - වාහනය නොමිලේ පල කරනු ලැබේ

මගේ අලුත්ම site එක තමයි රියසෙවන, වාහනයක් තියෙනව නම් AD එකක් දන්න ඔනේ, රියසෙවනෙ නිකන් දාන්න පුලුවන් :)

Site එකට ගිහිල්ලා බලලා පොඩි feedback එකක් දෙන්න

හැමට ජය

http://riyasewana.com