Thursday, January 28, 2010

ජන මතය

මේ බ්ලොග් එකට සමු දෙනවා කිව්වට, සමු දුන්නෙමනැ, හිහ් හිහ්...

මම මෙවර චන්දය දුන්නේ ජෙනරාල්ට, එසේ කලේ මේ ජරාවී ඇති දෙශපාලනය සැබැ ලෙස වෙනසක් එතුමට සිදු කල හැකිවෙයි සිතු නිසාය.

මුලදි මා කිසිවෙකුටත් චන්දය නොදි සිටීමට තීරණය කලත්, රජයෙන් ජෙනරාල් හට ගැසු මඩ ඉවසිය නොහැකි නිසාම චන්ද තීරයක් සදහා තල්ලු විය.

නමුත් දැන් ජන මතය පැහැදිලිය, මම ඒ සමග එකග නොවුනත් එයට හිස නමමි.

මිනිසුන් මේ තරමටම රජ සංකල්පයට කැමැත්තක් දක්වන්නේ ඇයි?

15 comments:

  1. We are (Sri lankans) still living in 12th century.

    ReplyDelete
  2. ලංකාවේ මිනිසුන්ගේ බුද්ධියට කතා කරලා වැඩක් නැහැ,හදවතට කතා කරන්න ඕනා

    ReplyDelete
  3. ඕක අහන්නත් දෙයක්ද බං මල්ලී...
    අපි පුංචි කාලේ ඉදලම ඉගෙන ගත්තේ රජකතා නොවැ..
    අල්ලපු රටේ සුද්ධෝදන ගෙන් පටන් ගත්තම හැම එකාම ගැන ඕපදූප අපි දන්නවා නොවැ..
    සිද්ධාර්‍රථත් රජ පුතෙක් නොවැ..
    ඉතින් අපි ඒවා ආතල් කියලා තමා හිතන්නේ...
    හරිම චෝයි ....

    ReplyDelete
  4. හික්.. අර සිංදුවෙත් තියෙන්නෙ "දෙස් විදෙස් ඇස් මවිත කරවයි" කියල. කරා තමා :D

    ReplyDelete
  5. මේක ඇත්තම ජන මතයද??
    අන්තිම මොහොතෙත් ජන්දෙ තියෙද්දිත් පච්වහිනී SF ට මඩ ගැහුව එතකොට දැන් ඇහෙන කතා ?? ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑනෙ

    ReplyDelete
  6. ඔව් මුලු රටෙන්ම ඡන්දය ලැබිලා MR ජනාධිපතිවුනාම විපක්ෂයේ අයට කියන්නත් දේවල් තියෙන්න එපායැ. ඕවට බේත් නෑ.

    ReplyDelete
  7. මොනා වුණත් ආයෙත් බ්ලොග පටන්ගත්ත එකනම් නියමයි ඈ...

    ReplyDelete
  8. කුණුහරප සහ වෙනත් මිනිස්සුන්ට බනින Anonymous comment අයින් කරන ලදී.

    ReplyDelete
  9. අම්මටසිරි! කුප්පි දෙයියා!!!
    වෙල්කං බැක් + සුභ අනාගතයක්! :)

    ReplyDelete
  10. එසේම වේවා, එසේම වේවා :)

    ReplyDelete
  11. කොසොල් රඡතුමා දැකපු හීන 16 න් 1ක තියනවලුනෙ ලෝකවිනාසෙ ලංවෙනකොට නරි සිංහ හම පොරවගත්ත රඡවරු වෙනවා කියලා

    ReplyDelete
  12. සත්‍යව‍ශයෙන්ම මේ 100% නිවැරදි ජනමතයද????? නැත.ම‍හරජ දිනුවත් පැරදී ඇත.සත්‍ය අනාගතයේ දී හෙලිවනු නිසැකය.

    ReplyDelete
  13. මම පුද්ගලිකවනම් හිතුවෙ මේ චන්ද ව්‍යාපාරයට විරුද්ධ වෙන්න තිබ්බෙ චන්දෙ පවත්වන්නත් කලින් කියල, හැබැයි එහෙව් දෙයක් කරන්න ප්‍රායෝගික ගැටලු තියන බව මං පිලිගන්නව!
    අනික පක්ෂ විපක්ෂ බොහෝ දෙනා හිතුවෙ ඔය මඩ ගැහිලි ඡන්දෙ ඉවර උණු ගමන් ඉවරයි කියල, නමුත් බලන් ගිහාම කට්ටිය දැන් නෙ ගජරාමෙට ම වැඩේ කරන්නෙ!
    මේ ගැන නම් මා බොහොම කලකිරිලයි ඉන්නෙ :(

    ReplyDelete
  14. ජනරාල් වාගේ යුධ විරුවකුට දැන් සලකන හැටි දැක්කම දුකත් හිතෙනවා. මේ මනුස්සයා රට වෙනුවෙන් යම් කිසි සෙවයක් කරපු කෙනෙක් නේද? සිනමන් හොටලයේ ඉදලා මිනිහා එලියට යන වෙලාවේ හමුදාවේ අය නවත්වලා ප්‍රශ්න කරේ හරියට ජනරාල් ත්‍රස්තවාදියෙක් වාගේ හිතලාද දන්නේ නැ. රට වෙනුවෙන් කට අරින හැමොටම අන්තිමට උරුම වෙන දේ තමයි ඔය.

    ReplyDelete
  15. මිනිස්සු රජ සංකල්පයට කැමති අතීතයෙ සිට අපේ රට පාලනය කළේ රජවරුන්නේ. ඒ අතිත මුතුන් මිත්තන්ගෙන් පැවත එන මිනිසුන් වැඩි හරියක් අපේ රටේ ඉන්නේ. එක හින්දා මිනිසුන් වැඩි හරියක් එකට කැමතියි. අපෙ රට ගොඩනගපු රජවරු අතිතයෙ හිටියා. අපෙ රට වෙනස් කරපු රජවරු හිටියා. මම හිතන්නේ එකයි මිනිස්සු මෙතරම් රජ සංකල්පයට කැමති.

    ReplyDelete