Thursday, April 30, 2009

බලය = හරකා

ප්‍රසිද්ධ ඇමති කෙනෙක් අද කියනවා ආණ්ඩුවට චන්දය දුන්න නැති උන් ඔක්කොම හරක්ලු, යකො මේක මාර කතාවක්නේ මේ රටේ ප්‍රජාත්‍රන්තවාදය නෙමේද තියෙන්නේ, රට මෙහෙම ගියොත් අණ්ඩුවට විරුද්ධ හැම එකාවම මරයි දෙශද්‍රොහි කියලා.

හනේ හපොයි රටට ගිය කලක්, රට බල්ලට ගිහිල්ලද?, බල්ලො රටට අවිල්ලද?

Wednesday, April 8, 2009

ඔක්කොම එක ගොඩේ

මේ බ්ලොග් එක ලියන්න පරක්කු වෙන්නේ සිංහල ටයිප් කරන්න වෙලා යන හින්දයි.

ඉතින් මේ දවස් හොදින් ගෙවිල යනවා. අවුරුදුත් ලග එනවා, ඉස්සර වගෙ එකෙත් කිසි ආතල් එකක් නැහැ, තවත් දවසක් විතරයි.

කුප්පියෙත් ඩවුන්ලොඩ් 10,000 ඊයේ සම්පුර්ණ කලා. (2007-2009)

මගෙ ෆිල්ම් බ්ලොග් එකත් නැගලා යනවා.
http://movie-catcher.blogspot.com
ට්විටරේ පිහිටෙන් පොඩි රසික පිරිසක් සෙට් කර ගත්තා. වෙබ් පිටු ප්‍රොමොට් කරන්න මරු.

ඔන්න ඔහොමයි ඉතින් උනේ මේ දවස් වල. මේ දවස් වල මන් ආස සින්දු වල විඩියො දෙකක් දාන්නම්, සමහරට විට ඔයගොල්ලොත් ආස වෙයි :-)