Tuesday, March 31, 2009

ට්ව්ටරේ

අද ට්විටර් ගැන ටෝක් එකක් දන්න බැලුවේ.
මට මේක ගැන වැඩි ආසවක් නැහැ එත් මේ දවස් වල හෙනට කතා කරන ටොපික් එකක්.
කි දෙනෙක් මෙක පාවිච්චි කරනවද? මමත් කුප්පියට එකක් හදලා තියෙන්නේ.

http://twitter.com/kuppiyadotcom

මොනව උනත් site promote කරන්න හොද tool එකක්.

Sunday, March 22, 2009

පොඩි කොපියක්

ඔන්න මාත් ෆිල්ම් ගැන ලියන්න පටන් ගත්තා, මට මේ අදහස ආවේ http://baiskoop.blogspot.com බ්ලොග් එකෙන්.
එයා තරන් හොදට මට ලියන්න බැහැ, අඩුම තරමේ මගෙ කඩ්ඩවත් හැදෙයිනෙ හිහ් හිහ් හිහ්.

http://movie-catcher.blogspot.com

Friday, March 20, 2009

තම මතය

මිනිස්සුන්ගේ ආකල්ප වයසත් එක්ක වෙනස් වෙනවා. ජිවිත කාලය පුරාවට තිබුන ආකල්ප තමන්ගෙ දරුවන් නිසා වෙනස් කරන මිනිස්සුත් මන් දැකල තියෙනවා.
මේ සමාජය අසාධාරනයෙන් පිරිලා, පොතට හිර කරන මේ අධ්‍යපන ක්‍රමයෙන් එක වැඩි වෙනවා, මොකුත් ක්‍රිඩාවක්වත් නොකර විභාග රේස් එක යන මිනිස්සු සමජයට ආවම කුහක කමින් පිරිච්ච පිස්සො වෙනවා.
ඉතින් වැරැද්ද කොහෙද කියලා හොයන්න ගියොත් අන්තිමේදි එකත් කැරකිලා එන්නේ තමන්ටයි.
මට කියන්න තියෙන්නේ අපි ඔක්කොම එකම ගූ ගොඩෙ ඉන්නේ, තමන් අන් අයට වඩා උසස්, උගත් කියලා හිතන එක මහා මොඩ වැඩක්.

"Keep you doped with religion and sex and TV
And you think you're so clever and classless and free
But you're still fucking peasants as far as I can see
A working class hero is something to be"

John Lennon

Saturday, March 14, 2009

මම යන මග

පුරුදු විදියට එළිය බලුව මට, මගේ වට පිටාව වෙනස් වෙලා තියෙන විදිය හිතා ගන්නවත් බැහැ. වටේම ගෙවල් තට්ටු ගනන් උස ගිහිල්ලා, වටෙම සද්දය. සිංහල මිනිස්සුත් මෙ පැත්තේ එන්න එන්න අඩු වෙනවා, හිටිය මිනිස්සු ඔක්කොම ගෙවල් විකුණල ගිහිල්ලා. එක හින්දා වැරද්ද සිංහල මිනිස්සුන්ගේ.

මට මේ ජිවිතේ වැඩි බලාපොරොතු නැහැ, මගෙ දෙමාපියන් හොදින් බලා ගන්න සල්ලි හොයන එක තමා මුලික අරමුණ. පුලුවන් විදියට රටට මොනව හරි කරලා, මන් දන්න දෙයක් අනිත් අයත් එක්ක බෙදා ගන්නවා.

කසාදයක් ගැන නම් තාම හිතුවේ නැහැ, තාම පොඩි එකානේ, හිහ් හිහ් හිහ්.... නොබැද ඉන්න තමා හිතන් ඉන්නේ, එත් ඉතින් කවුද දන්නේ ඕව.

Saturday, March 7, 2009

අසරණ අපි

කෙලවරක් නැති මේ උවමනාවන්... කොච්චර තිබ්බත් මදි... එකට මුට්ටු වෙවි මෙ ගෙවිල යන ජිවිතයේ හරි අරමුනක් මට තාම හිතා ගන්න බැහැ. ජිවත් වෙන්නේ හම්බ කරන්නද? හම්බ කරන්නේ ජිවත් වෙන්නද?
කියන්න තරන් මට ජිවිතෙ ප්‍රශ්නයක් නැතත් මේ දැනෙන අඩුව මහ දුකක්
මිනිස්සු කියන්නේ පුදුම ජතියක්, බුදු අම්මො තියෙන තරහ, ඊරිසියාව, කුහකකම, මටත් මෙ ලෙඩ ටික ඔක්කොම තියෙනවා, අන්තිමෙදි මොනවටද මෙ ඔක්කොම කරල තියෙන්නේ? මනුස්සකම කියන එක ගැන මට විශ්වාසය නැති වෙල තියෙන්නේ.
මොකුත් හිතා ගන්න බැරුව පාවෙවි ඉන්නේ...