Tuesday, December 30, 2008

පාවෙන ලොකයෙන් ඔබ්බට ගිය ඇබ්බැහිවිම

මිනිස්සු එක එක දෙවල් වලට ඇබ්බැහි වෙනවා.
බොන්න, දුමට ........
මමත් ඔය වගේ ඇබ්බැහි වෙලා තියෙන්නෙ අන්තර් ජාලයටයි.

මගේ ජිවිතේ සම්පුර්ණයෙන්ම රදා පවතින්නේ අන්තර් ජලයේ, ඉතින් ඇබ්බැහි වීම අහන්නත් දෙයක්ද
මම රස්සාව, අලුත් දැනුම, විනෝදය, සතුට, සම්බන්ධ කම්, පණිවිඩ හුවමරුව, දැනුම බෙදා ගැනිම සියල්ල කර ගන්නේ අන්තර් ජාලයෙන්.

ඉන්ටර් නෙට් නැති උනා කියන්නේ ජිව්තෙන් බාගයක් අඩු උනා වගේ.
දවසක් ඊමේල් බලන්න බැරි උනොත් පිස්සු වගේ, හිහ් හිහ්.
දවසක් ඉන්ටර් නෙට් ගියේ නැත්නම් මාර දුකයි. පුදුම ආදරයක් තියෙන්නේ ඉන්ටර් නෙට් එකට, හිහ් හිහ් හිහ්

වෙන කාටද මගෙ පිස්සුව තියෙන්නේ? (අනිවා එකෙක් හරි ඉන්න ඔනේ )

Sunday, December 28, 2008

මගේ පරණ ටේප් එක

2009 අත ලග, හැමදාම හිතනවා වගෙ ඉතින් මේ පාරත් 2008 වඩා 2009 හොද වෙයි කියලා හිතනවා. හැබැයි ඉතින් මෙච්චර කාලයක් උනේ එකේ අනිත් පැත්ත. ( මම කතා කරන්නේ ආකල්ප ගැන )
අවුරුදු එකින් එක ගෙවිල යන කොට මට මින්ස්සු ගැන තියෙන විශ්වාසය සියියට දහය දහය අඩු වෙනවා. මිනිස්සුන්ට සල්ලි වලට ඔනේ දෙයක් කරන්න පුලුවන් කියලා මටනම් හොදටම දැකලා, අත් වින්දලා පුරුදුයි.

දැන් මේ කතාවේ අනිත් පැත්ත තමයි, මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි වෙන්න වෙන්න අසාධාරණයට බර වෙනවා. කෙනෙකුට තර්ක කරන්න පුලුවන්, තමන් වලේ වටුනම තමයි අමරුව තියෙන්නෙ කියලා, පිට්න් බලන ඔන කෙනෙක්ට මොනවා කියන්න බැරිද කියලා. ඒ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා, හෙන ගහන ප්‍රශ්න ඔලුවට කඩා ගෙන වැටෙද්දි, වගකීම් වැඩි වෙනකොට, තමන් ගෙන් යැපෙන අය ඉන්නකොට, අනාගතය පට්ට අදුරුයි වගේ පේනකොට කවුද මොනවා හරි කරලා ගොඩ එන්න බලන් නැත්තෙ.

මම හිතන විදියට, මොනවා හරි කරලා ගොඩ ගියාට කමක් නැහැ තවත් මිනිහෙක් අදුරේ දාන්නෙ නතුව, හැබැයි ඉතින් වෙන්නෙ ඒකම තමා. මෙක නිකන් ජල චක්‍රය වගෙ, මුට්ටු වෙලා ගිහිල්ලා අන්තිමෙදි ආයෙත් කැපෙන්නෙ තමන්මයි, හිහ් හිහ්.

සැමට 2009 අවුරුද්ද ජයම වේවා!!!

Wednesday, December 24, 2008

මමයි මගෙ බ්ලොග් එකයි

මමත් කාලයක් මේ බ්ලොග් මොන මගුලක්ද කියලා කල්පනා කර කර හිටියේ, මිනිස්සු මොකට ඔවා ලියනවද කියලා.
ඔහොම ඉන්න කොට තමයි මටත් එක දවසක් මගේ හිතට එන අදහස් ලියලා ඒව අනිත් අයත් එක්ක බෙදා ගන්න පුලුවන්නන් කොච්චර හොදයි කියලා හිතුනේ.
මට තිබුන අනිත් ප්‍රශ්නෙ තමයි, අද හිතුන හොද අදහස් තව සතියකින් මතක නැහැ :)
එ ප්‍රශ්නෙ බ්ලොග් ලියන එකෙන් නැති උනා, මොකද මම ලියපු පොස්ට් අයේ අයේ බලන හින්දා.

මුලින්ම පටන් ගත්තෙ කඩ්ඩෙන් බ්ලොග් එකක් ලියන්න. ඊට පස්සේ කොළඹ කැම්පස් එකෙන් හදලා තියෙන Real Time Unicode Converter පින් සිද්ධ වෙන්න සිංහල බ්ලොග් එකකුත් පටන් ගත්තා.

දැනට මම බ්ලොග් 5 ලියනවා.

ඔන්න ඕක තමා මගේ බ්ලොග් කතාව.

කැමති නම් ඔයගොල්ලොගෙ කතාවත් කියන්න.

Friday, December 19, 2008

ඔන්න DOJO මග එනවා

DOJO විඩියෝ සෙට් එකක් හදන්න ඉන්නේ, AJAX ලෙසියෙන් කරන්න.
මේ දවස් වල Flex ටිකක් කරනවා, එකත් හොදට සෙට් උනාම විඩියෝ සෙට් එකක් හදන්නම්. කවුරු හරි විඩියෝ හදලා බෙදා ගන්න කැමති නම් මට mail එකක් දන්න.

ඔවා ඔහොම වෙනකොට අපේ අණ්ඩුව පිස්සු කෙලිනවා පෙට්‍රොල් අඩු කරන්න බැහැ කියලා, අනේ මන්දා මෙ රටට මොන සාපයක් වැදිලද කියල :(

Tuesday, December 16, 2008

නිදහස යනු වචනයක් පමණි, එය මායාවකි

බ්ලොග් ලියන එක සමහර වෙලාවට ගොඩක් අය අතර මගදි නතර කරන්නේ වෙලාව නතිකම හින්දා. ගොඩක් අය බ්ලොග් පටන් ගන්නේ ඉගෙන ගන්න කලේ, ඒ කලේ ඉතින් ඇති තරන් වෙලව තියෙනවානේ ඔන දෙයක් කරන්න.
ඒත් දෙයියනේ කියලා ඉගෙනගෙන එලියට අවම තමා තෙරෙන්නේ මේ ලොකේ තියෙන්න සිරාම කට්ට. ප්‍රශ්න පිට ප්‍රශ්න, වැඩට ගියාම ගෙදර එන්න වෙන්නෙ පට්ට රැ වෙලා, වැඩ කරන තැන වැඩ ගොඩ ගැහිලා..... මම ඩොට් ටිකක් තිබ්බෙ කියන්න ගියොත් ඉවරයක් නැති හින්දා, ඉතින් කොහෙද බ්ලොග් ලියන්නේ, ඔලුව විකාර වෙලා තියෙනකොට.

බ්ලොග් එක පටන් ගත්තා විතර හින්දා දිගටම ලිව්වට, අදින් පස්සේ ලියන්න වෙන්නේ සතියකට පාරක් විතර, මගේ තියෙන අනිත් බ්ලොග් ටිකත් update කරන්නේ අමාරුවෙන්.
ඉදිරියට කරන්න ඉන්න ඒවයෙන් බිදක්...
Web Site 2 තියෙනවා මේ සතියේ කරලා ඉවර කරන්න. නැත්නම් Client මාව මරාගෙන කයි, :-)
Web Development Site එකක් Open කරන්න ඉන්නේ webplatoon.com කියලා, අපේ team එකේ portfolio එක.

Monday, December 15, 2008

programming වලට මගෙ අත්දැකීම් වලින් බිදක්...

මේ IT ලොකයේ ඉදිරියට එන්න නම් අනිවර්යෙනම programming ඇගට දාගන්න ඔනේ. පෙර පිනකට මට මුලින්ම කරන්න සෙට් උනේ C++, හරියට කලොත්, programming basic ටික දාගන්න කියාපු language එක.
Java වගෙ නෙවේ C++ hybrid language එකක් හින්දා අපිට Object Oriented ලියන්නත් පුලුවන් Structured ලියන්නත් පුලුවන්. මම දකින විදියට programming basic දාගනන් හොදම ක්‍රමය තමා structured ක්‍රමයට program ලියන්න පුරුදු වෙන එක, මොකද එක තෙරුම් ගන්න පහසුයි object oriented මුලින්ම ඉගෙන ගන්නවට වඩා. ඊට පස්සේ මගේ ජිවිතය සම්පුර්ණයෙන්ම වෙනස් කලෙ php,
අපි 2nd year එකෙදි කරපු project එකෙන් php කන පැලෙන්න සෙට් උනා. ඒකට හේතුව තමයි php තනියෙන් පාඩන් කරන්න සෙට් උන එක. php කොච්චර සෙට් උනාද කියනවා නම්, මට මුලින්ම සෙට් උන .net ජොබ් එකෙන් අයින් උනා php වලට තියෙන අසාවට. ඊට පස්සේ මම php ජොබ් එකක් කරලා experience අරගෙන දැන් freelance කරන්වා, මට freelance කරන්න තරන් php සහ ඊට අදාල අනෙක් technology ගැන දැඩි විශ්වාසයක් තියෙනවා.
මට අලුතෙන් එන අයට කියන්න තියෙනනේ, අනිවා programming දාගන්න ඔනේ IT හොද ගමනක් යන්න, අමාරුවක් නැහැ, එකම සීන් එක basic එක හරියට දාගන්න එක. මොකක් හරි එක language එකක් හරියට කරන්න ඔනේ දිගටම (.net, java, c++, php) පුලුවන්න නම් අමතර exam මොනවා හරිත් කරන්න. php මොකක් හරි උදව්වක් ඔනෙ නම් mail (kusalsmail@yahoo.com) එකක් දාන්න, මම පුලුවන් විදියට උදව් කරන්නම්.

සැමට ජය වේවා!!!

Sunday, December 14, 2008

තමන්, තමන්ව හදුනා ගැනීම

මම පොඩි කාලේ ඉදන්ම ලොකු උනම කව්ද වෙන්නේ කියලා හරියට හිතා ගන්න බැරුව හිටියේ. සමහර අය පොඩි කලේ ඉදන්ම අරමුණකට වැඩ කරනවා, එත් මේ ලොකේ අපිට ඔනේ දෙවල් කරගන්න පුලුවන් කමක් නැහැ. මම එන විදියට බැට් කරන කෙනෙක්, ඒ ක්‍රමය මට නම් හොදට වැඩ කරනවා. තමන් ලොකු උනාම මොකාද වෙන්නේ කියලා හිතා ගන්න බැරි උනාට එක දෙයක් හරියට දැන ගන්න ඔනේ, තමා දක්ෂ මොනවටද, නැත්තේ මොනවටද කියලා ටිකක් කලප්නා කරලා බලන්න ඔනේ. එක හරියට ඇගට සෙට් උනොත් ගොඩේ ගොඩ. අලුත් දෙවල් කරන්න බය වෙන්න එපා, මොනව උනුත් අන්තිමෙදි නැති වෙන්න මොනවද තියෙන්නෙ, රේස් එක තියෙන්නෙ තමන් එක්ක විතරයි, ඒක හින්ද අනුන්ගෙ කුණු ගොඩවල් හොයන් නතුව ඉන්නත් පුරුදු වෙන්න ඔනේ, වෙන කෙනෙක් විවෙචනය කරන්න ඉස්සෙල්ලා තමන් ඒකට සුදුසුද කියල බලන්න ඔනේ. අපේ රට කන්නේ දේශපාලුවො නෙවේ අපිමයි. අපි අපි දිහාම හරිල බලුවොත් අපි අතරේ ප්‍රශ්න කොච්චර තියෙනවද විසද ගන්න බැරි, මේ රටේ තියෙන අනිත් හෙනේ තමා දැනුම බෙදා ගන්න අකමැති කම. ඉතින් කොහෙද රට දියුණු වෙන්නේ, ඔක්කොමලා පුරුදු වෙලා තියෙන්නෙ තනියෙන් කන්න. වෙන රටවල් දිහා බලලා අපි අපි ගැනම ලැජ්ජ වෙන්න ඔනේ. අදම වෙනසක් කරන්න, දනුම බෙදා ගන්න.

Saturday, December 13, 2008

ඇති යාන්තන්, ඔන්න පටන් ගත්තා

කාලෙක ඉදන් බ්ලොග් ලිය ලිය හිටියට අද තමා මුලින්ම සිංහලෙන් බොල්ග් එකක් පටන් ගත්තේ.
කාලෙක් ඉදන් අසවෙන් හිටියෙ සිංහල බ්ලොග් එකක් ලියන්න, මොකද අපි සිංහල පුලුවන් තරන් අන්තර් ජලයේ ඉදිරියට ගෙන්න ඔනේ.
web developer කෙනෙක් විඩියට මම පුලුවන් විදියට සිංහල ප්‍රසිද්ධ කරන්න ට්‍රය් කරනවා, මම පුලුවන් විදියට මගෙ දැනුම හැමොම එක්ක බෙදා ගන්නවා, අපෙ රට දියුණු වෙන එක තමා අපි හැමාගේ එකම ප්‍රර්ථනව, ඒකට අපි හැමොම එකා වගෙ දැනුම බෙදා ගෙන ඉදිරියට එන්න ඔනේ.